රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්‍ යන හේතුව මෙන්න !

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්‍ යන හේතුව මෙන්න !

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට දක්වා (27) කල්ගොස් ඇති බව වාර්තා වේ. රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති වීම ඊට හේතුව බවත් පැවසේ.

ජනාධිපතිවරණ සමයේ 'පොහොට්ටු' පක්ෂය හා තම පක්ෂය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයට රාජ්‍ය අමාත්‍ය ධුර 05ක් ඉල්ලා ඇතත් පවතින තත්වය තුළ එතරම් සංඛ්‍යාවක් ලබාදිය නොහැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් විසින් දැනුම්දීම නිසා පක්ෂ දෙක අතර තරමක අර්බුදයක් මතුව ඇතැයි ද වාර්තාවේ.

දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ඇතුළු තවත් දෙදෙනෙකුගේ නම් ශ්‍රීලනිපය විසින් රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා නිර්දේශකර ඇතැයි පැවසෙන අතර ඉන් කිහිප දෙනෙකුට තනතුරු හිමිවීමට නියමිතව ඇත. 

'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින් වන ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය ඇමැතිවරුන් ඊයේ (25) දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සිකුරාදා පැවැති කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න