විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට සිට

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට සිට

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හෙට(27) සිට දින 06 ක් පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ.

එම වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

මේවන විට ගතවූ කාලසීමව තුළ 73000ක පමණ ඩෙංගු රෝගීන් පිරිසක් දිවයින පුරා හමුව තිබේ.

කොළඹ, ගම්පහ, යාපනය, මාතලේ, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන පවත්වනු ලැබේ.

එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශ 44ක වපසරියක් ආවරණය කරනු ඇත.

විශේෂයෙන් ඉදිරි ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය වැඩිවිය හැකි උතුරු - නැගෙනහිරි ප්‍රදේශවලට ද මේ තුළින් වැඩි අවදානයක් යොමු කරනු ලබන බව අරුණ ජයසේකර මහතා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න