ආන්දෝලනයට තුඩුදුන් ඇමරිකානු වීඩියෝව ගැන විශේෂ විමර්ශනයක් !

ආන්දෝලනයට තුඩුදුන් ඇමරිකානු වීඩියෝව ගැන විශේෂ විමර්ශනයක් !

ජනාධිපතිවරණ සමයේදී පොදුජන පෙරමුණේ  ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වොෂින්ටන්හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක්ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරුණු වීඩියෝ පටයක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සටහනක් ලෙස පළවූ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමක් මත එකී විමර්ශන ආරම්භකර ඇති බවත් එම විමර්ශනවලට අදාලව තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එකඟත්වය පළකර ඇතිබවත් එම ආරංචිමාර්ග පවසයි.

අදාළ වීඩියෝව නොවැම්බර් 15 දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් සමයේ ප්‍රචාරය වූ එම වීඩියෝව, ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ද? නැද්ද ?  කියන කාරණය සම්බන්ධයෙන් ඒවනවිටත් විසඳි නොතිබුන අර්බුදය පිළිබඳ ආන්දෝලනාත්මක සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂට හිතවත් පිරිසක් විසින් නිර්මාණය කෙරුණක් ද යන සැකය theleader.lk විසින් එදිනම මතුකර සිටියේය.

(ද ලීඩර් )

Capture

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න