තානාපති නිලධාරීනිය පැහැරගැනීම - මාධ්‍යවේදීන් මර්දනය ගැන සජිත්ගෙන් විශේෂ නිවේදනයක් !

තානාපති නිලධාරීනිය පැහැරගැනීම - මාධ්‍යවේදීන් මර්දනය ගැන සජිත්ගෙන් විශේෂ නිවේදනයක් !

ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කළු පැල්ලමක් බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අප රට කෙරෙහි එල්ලවන්නක් බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  සජිත් ප්‍රේමදාස  පවසයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන්නේ  අද (30) දින විශේෂ නිවේදනයක් නිකුත්කරමින්ය. 

කීර්තිමත් ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පලිගැනීමේ රාජ්‍ය හස්තය එල්ලවී තිබෙන බවද ඔහු එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත දැනටමත් පීඩන එල්ල වී ඇති අතර එය අප විසින් දිනා දුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් කියා සිටියි.සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නිකුත්කල සම්පූර්ණ  නිවේදනය පහත දැක්වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න