19 අහෝසි කිරීම පොහොට්ටුවේ ප්‍රතිපත්තියට පටහැණියි - වාසු

19 අහෝසි කිරීම පොහොට්ටුවේ ප්‍රතිපත්තියට පටහැණියි - වාසු

යම් යම් අඩුපාඩු ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියට එකඟ නොවන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

"අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. එයට ගන්නා වූ එක පියවරක් වශයෙන් තමයි ඔය 19 වෙනි සංශෝධනය ගැණුනෙ. ඒනිසා අපහසුතාවයක් හා නොයෙකුත් බාධක මතුවෙන්න පුළුවන්. නමුත් මූලික ප්‍රතිපත්තිමය අරමුණ ජනාධිපති ආණ්ඩුක්‍රමයක ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම. විධායක බලයත් පාර්ලිමේන්තුව අතටම ගැනීම.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අදහස් මොනවද කියලා මම දන්නෙ නෑ. ඒ පිළිබඳව සමහරවිට එතුමාගෙ අදහසත් අපෙ අදහසත් අපට එකට එකතු කරන්න පුළුවන්කමකුත් එන්න පුළුවන්. ඒවා අපි කතා කළ යුතු දේවල්.

තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි අපේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්. මේ ඡන්ද ක්‍රමය තුළ මහජනයාගෙ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් වෙලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න