විපක්ෂ නායක කවුද? තීරණය ලබන බ්‍රහස්පතින්දා

විපක්ෂ නායක කවුද?  තීරණය ලබන බ්‍රහස්පතින්දා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත් කරන පුද්ගලයා කවුරුන්ද යන්න ලබන බ්‍රහස්පතින්දා තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිත බවත් එහිදී විපක්ෂ නායක ධූරය පිළීබඳ අවසන් තීරණයක් ගැනීම සිදු කරන බවත් ඒ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දින ප්‍රකාශ කරන ලදී.

මීට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්න යැයි ඉල්ලා කතානායක තුමාට ලිපියක් එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් මහතා විසින්ම යොමු කොට තිබුණු අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දිය යුතු බවටද ලිපියක් එ.ජා.ප මන්ත්‍රීන් පිරිසක් විසින් කතානායකතුමාට යොමු කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න