පොලිස් නිලධාරීන් 60කට ස්ථාන මාරු

පොලිස් නිලධාරීන් 60කට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත. 

අද සිට බලපැවැත්වෙන පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදුන් බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් සහ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු ඇතුළත් වේ.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකුට සහ ස්ථානාධිපතිවරුන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ, අනුව නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා බදුල්ලේ සිට කොළඹ උතුර කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි පොලිස් කොමිසම සඳහන් කළේ ය.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මාරුකර යවා ඇත්තේ, පොලිස් සුබසාධන කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටයි.

අසංක කරවිට මහතා මොණරාගල කොට්ඨාසයට අමතරව බදුල්ල කොට්ඨාසයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා සුබසාධක කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇතැයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න