කුළුබඩු වර්ග කිහිපයක ආනයනය සීමා කෙරේ

කුළුබඩු වර්ග කිහිපයක ආනයනය සීමා කෙරේ

සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමේ හා දිරිමත් කිරිමේ අරමුණින් කුළුබඩු කිහිපයක ආනයනය සිමා කර ඇත.

ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු සහ කරාබු නැටි ආනයනය තහනම් කර ඇති අතර මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන හා සුළු සැකසුම් කිරිමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරිමේ අරමුණින් සිදු කෙරෙන කුළුබඩු ආනයනය තහනම් වේ.

දිස්ත්‍රික්ක 9ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මින් ප්‍රතිලාභ හිමි වනු ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න