බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි: පවුම් 2400ක දඩයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි: පවුම් 2400ක දඩයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට අද තීන්දු කර තිබේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ 2018 වසරේ පැවති නිදහස් දින උළෙලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ සිඳ දමන ආකාරය දනවන අභිනයක් කළැයි කියන සිද්ධියකට අදාලව, ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව අද  මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න