රාජිත එළියට : රූමි ඇතුළට !

රාජිත එළියට : රූමි ඇතුළට !

සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට ඊයේ  (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළ ද, ඔහුගේ සමීපතමයකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අද (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30)  ඔහුට රට යෑම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක්ද නිකුත් කළේය.

මතභේදයට ලක්වූ ''සුදු වෑන්''  මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබාදී තිබෙන්නේ මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නැමැත්තෙකු වන බවත් එම පුද්ගලයා ද මේ වන විට අතුරුදන්ව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඊයේ  (30) අධිකරණය හමුවේ පැවසිය.

මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේබව කියා සිටියේ, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අපේක්ෂිත ඇප අයදුම්පත ඊයේ විවෘත අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

කෙසේවුවද මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න