මාගල්කන්දේ සුදත්ත හිමිට : පෞද්ගලික දුරකථන දත්ත වාර්තා කොහෙන්ද සැකයක් !

මාගල්කන්දේ සුදත්ත හිමිට : පෞද්ගලික දුරකථන දත්ත වාර්තා කොහෙන්ද සැකයක් !

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයක දත්ත පිටපත මාගල්කන්දේ සුදත්ත හිමිට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ පසුගියදා මාධ්‍ය හමුවකදී අදාළ භික්ෂුව විසින් එම දුරකථන සංවාදය යැයි දක්වමින් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනු  ලැබූ දත්ත වාර්තාව කෙරෙහි අවධානය යොමුකරමින්ය.
 
මේ බව පෙන්වා දෙමින් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ භික්ෂුවකට හෝ සාමාන්‍ය පුරවැසියෙකු අතට එවැනි වෙනත් පාර්ශවයක දුරකථන දත්ත ඇතුළත් පිටපතක් ලැබීමේ කිසිඳු නීත්‍යානුකුල පදනමක් නැති බවයි.
 
එවැන්නක් ලබාගත හැක්කේ අධිකරණ නියෝගයක් මත ආරක්ෂක අංශ වෙත පමණක් බවත් එවැනි පසුබිමක මෙකී දත්ත ඇතුළත් වාර්තාව එම භික්ෂුවට ලැබීම පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සහ නීතියට පිටින් පෞද්ගලික දත්ත සහ තොරතුරු ලැබීම අනාරක්ෂිත තත්වයක් හඟවන්නක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.
 
මේ ආකාරයට සවිස්තරාත්මක දුරකථන දත්ත වාර්තාවක් මාගල්කන්දේ සුදත්ත හිමියන්ට ලැබීම තුළ එක්කෝ අදාළ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අදාළ දුරකථන සමාගම සිටිය යුතු බවත් එම පාර්ශව නොදැනුවත්ව මෙවැන්නක් තවත් පාර්ශවයත් අතට පත්වීම සැකසංකා දනවන කරුණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න