කන්කසන්තුර වරායේ පුළුල්  සංවර්ධනයකට :  ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස් !

කන්කසන්තුර වරායේ පුළුල්  සංවර්ධනයකට :  ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස් !

කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 

ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු සඳහා ක්‍ර‍මවේද, සැලසුම් සකස්කිරීම හා අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් උපදේශන සේවා සමාගමක් වෙත භාරදීමට ක්‍රියා කර තිබේ.

කන්කසන්තුර වරායෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ගරු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එහි දැනට පවතින පර්යන්තය වෙත පැමිණෙන නෞකාවන්ගේ ධාරිතාව ටොන් 300 ත්, 400 ත් අතර වේ. නමුත් වරාය වෙත වැඩි ධාරිතාවකින් යුතු විශාල නෞකා ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය බැවින් නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ ය. මෙසේ ඉදිකිරීමට යෝජිත නව පර්යන්තයේ ගැඹුර මීටර 07 කි. 

එමගින් වරායෙහි මෙහෙයුම් වර්ධනය කිරීමත්, යටිතල පහසුකම් සංවර්ධනයත් අපේක්ෂා කෙරෙනු ඇත. ඒ අනුව පැරණි පර්යන්තය ප්‍ර‍තිසංස්කරණය කිරීම, නව ගැඹුරු ජැටියක් ඉදිකිරීම මෙන්ම දියකඩනය පුළුල් කිරීම යනාදී වරායෙහි සංවර්ධන කටයුතු හා පුළුල් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නිලධාරීන් දැනුවත් කරන ලදි.

දැනටමත් කන්කසන්තුර වරාය සංවර්ධනය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩම් අත්පත් කරගැනීම සඳහා  පියවර ගෙන ඇති අතර එහි පළමු පියවර යටතේ අක්කර 15 ක් සහ දෙවන පියවර යටතේ අක්කර 35 ක ඉඩම් ප්‍ර‍මාණයක් අත්පත් කරගැනීමට නියමිත වේ. ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ක්‍ර‍මවේදයන් කඩිනමින් සකස්කරන ලෙස ගරු අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේය.

කන්කසන්තුර වරායෙහි දැනටමත් අබලි ද්‍ර‍ව්‍ය ඉවත් කිරීම හා යුද්ධයෙන් ගිලුණු හා හානියට පත් නෞකා ඉවත් කිරීමේ කටයුතු සිදුකොට අවසන්ව ඇති අතර ඉතිරිව ඇති අනිකුත් අබලි කොටස් ඉවත් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න