අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තවමත් මහ මග

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තවමත් මහ මග

යුද්ධය හේතුවෙන් අතුරුදහන්වූවන්ට විසඳුම් ඉල්ලා කිලිනොච්චියේ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දැවැන්ත විරෝධතා පාගමනක් ඊයේ (30) දින සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට දින දහසකට වැඩි කාලයක් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුම් ඉල්ලා ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයේ නිරත අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන කිලිනොච්චිය නගර මධ්‍ය දක්වා පැමිණි අතර විරෝධතාවයන් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මැතිඇමතිවරුන් මෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක්ද සහභාගී වි සිටියහ.

එහිදි විරෝධතාවයට එක්වූවන් කියාසිටියේ වත්මන් රජය මේ වනවිට යුද්ධයෙන් අතුරුදහන්වූවන් සම්පූර්ණයෙන්ම අමතක කොට ඇති බවටත් අතුරුදහන් වූවන් වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයාද කිසිදු අවධානයක් යොමු නොකිරිම හේතුවෙන් උතුරේ දෙමළ ජනතාවටම සිදු කෙරෙන දැඩි අසාධාරණයක් බවටය.

එමෙන්ම අතුරුදහන් වූවන් වෙනුවෙන් වත්මන් රජය විසින් පිළිගත හැකි විසඳුමක් ලබා දී දෙමළ ජනතාවට ඇති ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට පියවර ගත යුතු බවටත් එසේ නොවන්නට උතුරේ සියලුම දෙමළ ජනතාව එක්ව දැවැන්ත අරගලයක් සිදු කිරීමට ඉදිරියේදී සූදානමින් සිටින බවටද විරෝධතා කරුවන් වැඩිදුරටත් පැවසූහ.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න