රජයේ සියලු තීන්දු තීරණ-චක්‍රලේඛ පිළිබද සියලු දෙනා දැනුම්වත් විය යුතුයි

රජයේ සියලු තීන්දු තීරණ-චක්‍රලේඛ පිළිබද සියලු දෙනා දැනුම්වත් විය යුතුයි

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කරනු ලබන චක‍්‍රලේඛ සහ රජයේ සියලූම තීන්දු තීරණ පිළිබදව ඉහළම නිළධාරීන් මෙන්ම සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන්ද අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප‍්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගනුගබන ඇතැම් තීන්දු තීරණ පිළිබදව ඉහළ මට්ටමේ නිළධාරීන් දැනුවත්ව සිටියද සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන් දැනුවත්ව නොසිටීමෙන් ඇතිව තිබෙන ගැටලූ පිළිබදව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය වර්ධනය කර චංචාව හා දූෂණය වැළක්වීමටනම් රජයේ තීන්දු තීරණ හා චක‍්‍රලේඛ පිළිබදව ඉහළම නිළධාරීන් මෙන්ම සාමාන්‍ය සේවකයන්ද නිවරදි අවබෝධයකින් පසුවිය යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප‍්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

තම පාලන කාලය තුළදී කාර්යක්‍ෂම හා මානව හිතවාදී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙල අනුව මෙම දැනුම්දීම කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න