රංජන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි : රේනගේ සහෝදරියට විස්තර දුන්නේ කවුද ?

රංජන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි : රේනගේ සහෝදරියට විස්තර දුන්නේ කවුද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට අදාල නිමිත්ත නීති විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පවසයි.
 
ගිනි අවි බලපත්‍රවලට අදාල නීතිමය පසුබිම දැක්වෙන ලියවිල්ලක් සිය ෆේස් බුක් ගිනුමට එක්කර ඔහු මේ බව පෙන්වාදී තිබේ.
 
Screenshot 20200105 100023
 
රංජන් රාමනායක මන්ත්‍රීවරයාව ඊයේ (04) පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබුවේ රජය විසින් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා නිකුත්කර ඇති ගිනි අවිය සහ උණ්ඩ වලට අදාල බලපත්‍රය අලුත් කර නොමැති බව දක්වමින්ය.
 
FB IMG 1578198587775
 
එසේම ලියකියවිලි කිහිපයක් සහ CD / DVD කිහිපයක් ද ඒ සමග පොලිස් භාරයට ගෙන තිබිණ.
 
රේනගේ නංගි කොහොමද විස්තර දන්නේ ?
 
මේ අතර  පොලිස් භාරයට ගනුලැබූ ලියකියවිලි සහ අනෙකුත් භාණ්ඩ සම්බන්ධව සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධානී රේන සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ සහෝදරිය තබා ඇති අතර මාධ්‍යවේදී උවිදු කුරුකුලසුරිය විසින් එය උපුටා දක්වමින් ප්‍රශ්න කර ඇත.
 
ඒ අදාල විස්තර ඇය දැනගත්තේ කෙසේද යන්න සම්බන්ධව සැකසංකා මතුකරමින් ය.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න