පොහොට්ටුවෙන් කුඩම්මාගේ සැළකිලි : ශ්‍රිලනිපය කනස්සල්ලෙන් !

පොහොට්ටුවෙන් කුඩම්මාගේ සැළකිලි : ශ්‍රිලනිපය කනස්සල්ලෙන් !

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තනතුරු ලබා දීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර පැවැති එකඟතාවයන් කඩවී ඇතැයි ආණ්ඩුවට හිතවත් lankacnews.com වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දී ඇත්තේ පක්ෂ දෙක අතර ඇති එකඟතාවයට පිටින් බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.සභානායක ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට ඔවුන් අතර මූලික එකඟතාවක් තිබී ඇත. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීරගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා යෝජනා වී තිබී ඇත.

නමුත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සංවිධායක ලෙස පත් කිරීමටයි.මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ.

 'කුඩම්මාගේ සැළකිලි' ගැන මෛත්‍රීත් කණස්සල්ලෙන්!

මේ අතර අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවන lankaleadnews.com වාර්තා කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ තනතුරු නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි කණස්සල්ලකින් පසුවන බවයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා ශ්‍රීලනිපය අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව සහය දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තිබෙන බවට හිටපු ජනාධිපතිවරයා සිය සමීපතමයන් සමඟ පවසා ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

ආණ්ඩුකාර ධූර, ආයතන ප්‍රධානී ඇතුළු රජයේ ඉදිරිපෙළ තනතුරු සඳහා මේ වන විට පත්කිරීම් සිදුවෙමින් පවතින අතර එම තනතුරු සඳහා ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයාට හිතවත් තැනැත්තන් පමණක් පත්කරමින් තිබෙන බවත්, ඡන්ද වැඩිකරගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදාගැනීම සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවට පත්වන බවත් මෛත්‍රීපාල සිරිසේන චෝදනාත්මකව පවසා ඇතැයි ද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න