රංජන් අත්අඩංගුවට ගැනීම ගැන මහේෂ් හපුගොඩගේ විග්‍රහය - මම ගිහිං එන්නම් මල්ලි..!

රංජන් අත්අඩංගුවට ගැනීම ගැන මහේෂ් හපුගොඩගේ විග්‍රහය - මම ගිහිං එන්නම් මල්ලි..!

රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම. වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා. මම අද උදේ මේ ගැන පෝස්ටුවක් දැම්මා. මේ ජෝක් වීම යහපාලනය ට උනත් උණා. ඒ ජෝක් වීම හරවන්න ආයේ කවදාවත් බැරිවුණා ඒ මතවාදය කනත්තට යනකල් ම. යහපාලන මරණයෙන් පස්සේ අදටත් යම් යම් තැන්වල දී ඒක ඉස්මත්තට එනවා.  

මිනිසුන්ගේ දිනපතා ජීවිතය නපුරු සිහිනයක් (nightmare) වෙමින් පවතිනවා. ඒවාට විසඳුම හොයන්න හදන ආණ්ඩුව ඉන්නේ ආර්ථික මළ පුඩුවක හිරවෙලා (system deadlock). බඩු මිල අහස උසට. ණය කන්ද එහෙමමයි. කන්න තියෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විතරයි. ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්. මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා. 

රන්ජන් කරන්නේ මේ 'නොහැකියාවේ' (බැරි බැරි යාවේ) දෘෂ්ටිය ජෝක් එකක් කරන එක. රැවුල කපනවා. ආෆ්ටර් ෂේව් දානවා, රාළහාමි ව හග් කරනවා, වීඩියෝ කරනවා, වැඩ කිඩ කෝටියයි. සීරියස් දේශපාලඥයෙකුට කරන්න බැරි දේ මෙයා කරනවා. උදාහරණ වශයෙන් චම්පික ගත්ත දවසේ හැමෝගෙම මූණේ තිබුණේ ඩිම් ලුක් එකක්. ඔක්කොමල ඩිම් උනා. මේ වෙලාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ජෝක් එකක් වීම. සමස්ථ දෘෂ්ටියේ ඇත්ත පරාජය එන්නේ එතැනින්. න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා.  

තමන් කරන දේ ගැන එච්චර අදහසක් රන්ජන් ට නැතුව ඇති. ඒත් අපි අවට තියන නාස්තික බව රන්ජන් ගේ ජෝක් එක ඇතුලේ ගොඩක් පිළිබිඹු වෙනවා. ලයිසන් කරන්න පරක්කු වෙච්ච පිස්තෝලෙට අමතරව නිල් චිත්‍රපට තිබුණා කියනවා. DVD තිබුණා කියනවා. සෙක්ස් ටෝයි තිබුණා කියලත් කියනවා..කෙල්ලො එව්ව ලියුමුත් තියනවා කියනවා. කොහොම උනත් ඒවා ගැන වැඩි තැකීමක් නැතුව මිනිහා දිගටම රැවුල කපනවා. ලොකු දේපළක් තියන, දරුවෝ මල්ලෝ ඉන්න බුර්ෂුවා දේශපාලුවෝ වගේ පොර වද වෙන්නේ නැහැ පොලිසිය ඉස්සරහා. ඒකම පොලිසියට වදයක් උණා. මොකද අත ඇරලා යන්න බැරි දෙයක් ඒ මාදිවෙල ගෙදර නම් පේන්න නැහැ.

මේ කවුරුත් හොරු අල්ලන්නේ නැහැ මල්ලි! ඒක තමයි එයා විසින් විසංයෝජනය කරපු වැදගත් ම ලාංකික දෘෂ්ටි මායාව (ideological illusion). ඇත්තම ඇත්ත යථාව. රන්ජන් කියන්නේ ඒ අනුව ජෝක් එකකට වඩා ලාංකික දේශපාලන යථාවේ පිළිබිඹුවක්.    

ඔස්කාර් යන්න තරම් ලොකු හීන මට නැහැ. උඹලට වගේ මට නැතිවෙන්න දෙයක් නැහැ. තියෙනවා නම් මගේ ජීවිතේ තියෙන්නේ ඔය අල්ලලා තියනවා වගේ වගේ කුණු කන්දල් ටිකක් තමයි. ඔව්, ඒ කුණු කන්දල් අස්සේ මම නිල් චිත්‍රපට බලනවා තමයි. උඹලා සිංහල බෞද්ධ පොඩි ළමයි උනාට මම පොඩි ළමයෙක් නෙවෙයි. අනේ බම්බු ගහපල්ලා...මම ගිහිං එන්නම් මල්ලි!

(මෙය රන්ජන් ගැන ම ලිවූ ලිපියක් නොවේ).

-මහේෂ් හපුගොඩ

[මහේෂ් හපුගොඩගේ ෆේස් බුක් ගිනුමෙන් ]

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න