ගෝඨාගේ පාලනයේත් නීතියේ හිල් : අල්ලනවා නම් මෙන්න !

ගෝඨාගේ පාලනයේත් නීතියේ හිල් : අල්ලනවා නම් මෙන්න !
බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්දී දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම තම සංවිධානය තරයේ හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
 
"නව ජනාධිපතිවරයාගේ පාලනයෙත් නීතියේ හිල්.. මෝරුන් එළියේ සිටිද්දී හාල්මැස්සන් ඇතුලේ." යන ශීර්ෂයෙන් යුතුව නිවේදනයක් නිකුත්කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මේ බව අවධාරණය කර තිබේ.
 
අදාල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.
 
රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.
අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා  සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි.
 
 1930 අංක 9,  1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ.
 
ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න