රංජන් අත්අඩංගුවට ගැනීම : අසභ්‍ය වීඩියෝ තැටි කතාව පොලිස් නිවේදනයේ නෑ !

රංජන් අත්අඩංගුවට ගැනීම : අසභ්‍ය වීඩියෝ තැටි කතාව පොලිස් නිවේදනයේ නෑ !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින්  නිවේදනයක් නිකුත් කර ඇත. 

එහෙත් එහි කොතනකවත් අසභ්‍ය සංයුක්ත තැටි සම්බන්ධයෙන් සඳහන් නොවේ. 

නමුත් ජාතික ජඩ මාධ්‍ය ගණනාවක් එවැනි පුවතක් වාර්තා කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කල  නිවේදනය මෙසේය.

''නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සෝදිසියට ලක් කරනු ලැබීය.

මෙම සෝදිසියේදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක් හා එම අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 127ක් සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැය 19.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.''

FB IMG 1578164157634

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න