රන්ජන් රාමනායක අත්අඩංගුවට

රන්ජන් රාමනායක අත්අඩංගුවට

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද පස්වරුවේ මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසට පැමිණි එම පොලිස් නිලධාරීන්, පැය කිහිපයක් එම නිවාස පරීක්ෂාවට ලක්කළේය.

රජය අපහසුතාවයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයට එරෙහිව සිදු කෙරෙන විමර්ශන වලට අනුව ඊට අදාල සංයුක්ත තැටියක් (CD ) මිට පෙර සොයාගත් බවත් ඒ අනුව අද දිනයේ ඔහුගේ නිවාස සෝදිසි කළ බවත් ආණ්ඩුවට පක්ෂ මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවස පරික්ෂාවේදී මන්ත්‍රීවරයා සතුව තිබී තිබූ ඔහුගේ බලපත්‍රය අලුත් නොකරන ලද පිස්තෝලය සහ ඒ සඳහා යොදන ජීව උණ්ඩ 118 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව එම නිවසේ තිබී අසභ්‍ය සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා භාවිතා කළා යැයි සැක කෙරෙන තවත් සංයුක්ත තැටි කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කරයි.

Ranjan 2020.01.04

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න