රන්ජන්ගේ නිවස වටලයි

රන්ජන්ගේ නිවස වටලයි

තමාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාස හදිසි පරික්ෂාවකට ලක් කරමින් සිටින පොලිස් කණ්ඩායමක් එම නිවසේ තිබී බලපත්‍රය අහෝසි වූ තමාගේ නිල පිස්තොලය හා ඊට අදාල උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පොලිස් කණ්ඩායම මේවනවිට තමාව අත්අඩංගුවට ගැනීම සඳහා ඉහල නියෝගයක් අපේක්ෂාවෙන් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පවසයි.

බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශනය සිදුකරන බව වාර්තා වේ. ඔවුන් සී.ඩී. තැටි කිහිපයක් සොයමින් සිටින බව වාර්තාවේ.

තම නිවස පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අයුරු රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර තමන්ගේ නිල පිස්තෝලයට ලබාදී ඇති බලපත්‍රය අහෝසි වී ඇතිබව දැනුම්දීම හා එම බලපත්‍රයේ නිල කාලය අලුත් කිරීම තමාගේ ආරක්ෂාවට අනුයුක්තකර සිටින ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන්ගේ වගකීම හා යුතුකම බව ද ඔහු මාධ්‍ය හමුවේ මිට සුළු මොහොතකට පෙර පැවසිය. 

දේශපාලන පලිගැනීමක් ද?

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොහොට්ටු පක්ෂ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් කිහිප දෙනා අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉදිරියෙන්ම සිටියේය. මේවනවිට එසේ ගෝඨාබය රාජපක්ෂ විවේචනය කළ චම්පික රණවක හා රාජිත සේනාරත්නට එරෙහි විමර්ශන ආරම්භකර ඇති අතර ඔවුන් රිමාන්ඩ් භාරයට ද පත්ව පසුව ඇප මත නිදහස්විය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න