මානව හිමිකම් ගිය CID අධ්‍යක්ෂට මාරුවක්

මානව හිමිකම් ගිය CID අධ්‍යක්ෂට මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් නිලධාරීන් 704 දෙනෙකු රටින් පිටවීම තහනම් කළ බව දන්වමින් ගුවන්තොටුපළට නම් ලැයිස්තුවක් යැවීම නිසා තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ඊට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජාත්‍යන්තර දිසාව භාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කර පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ මාරුකර යවා ඇත.

තමන් කැමති ස්ථානයක ජිවත් වීම සහ තමන් කැමති තැනකට යාමට ඒමට තිබෙන අයිතියට අදාළ මූලික මානව අයිතිමාසිකම් මෙම ක්‍රියාව මගින් උල්ලංඝනය වන බවට මෙම පොලිස් නිළධාරියා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව කිසිම හේතුවක් නොදක්වා මෙම උසස් පොලිස් නිළධාරියා පොලිස් දුක්ගැනවිලි අංශයේ අධ්‍යක්ෂ ලෙස මැරුකර යවා ඇත. ජනවාරි 1දා ඔහු එම ස්ථානයේ වැඩ භාරගෙන ඇත. මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න , සහකාර පොලිස් අධිකාරී තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ආදින් සමග සම්බන්ධව පසුගිය කාලයේ නම ගිය අපරාධ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවු සීඅයිඩීයේ ඉහළ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු පමණ වෙතත් පොලිස් ස්ථානවලට මැරු කිරීම සඳහා මූලික කටයුතු සිදුකෙරෙමින් පවතින බවද වාර්තා වේ.

ඉහත කී පැමිණිල්ල පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරියකුගෙන් අනිද්දා කළ විමසීමකදී ඔහු පැවසුවේ පැමිණිල්ල මේ වන විට පාලන අංශයට යොමුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු පරීක්ෂණයක ආරම්භ කර නොමැති බවත්ය.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න