පුද්ගල තොරතුරු රැස් කිරීමට පෙර ජනතාවගේ දත්ත ආරක්ෂණය කරන්න

පුද්ගල තොරතුරු රැස් කිරීමට පෙර ජනතාවගේ දත්ත ආරක්ෂණය කරන්න

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු එක් දත්ත මධ්‍යස්ථානයක් වෙත රැස් කිරීමට වත්මන් රජය ගෙන ඇති තීරණය කාලෝචිත ක්‍රියාවක් බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන අතර,  මෙවැනි දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ප්‍රථම පුද්ගල දත්ත ආරක්ෂණය කිරීමට වැඩපිළිවෙලක් සකස්කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

මේ පිළිබද එම සංගමය වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා ඇත.

විශේෂයෙන්ම එක් මධ්‍යස්ථානයකට රැස් කරනු ලබන පුද්ගල තොරතුරු රජය හෝ විවිධ වෙනත් පාර්ශව විසින් අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බවත්, යම්  පුද්ගලයෙකුගේ රාජ්‍ය ලියාපදිංචි තොරතුරු පමණක් නොව එම පුද්ගලයාගේ දුරකථන සංවාද, එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය වැනි එම පුද්ගලයාට පමණක් අනන්‍ය වූ රහසිගත තොරතුරු මෙම දත්ත මධ්‍යස්ථානයෙහි නොදුරු අනාගතයේදී ගබඩාවිය හැකි බැවින් එම දත්තවලට රජයට හෝ වෙනත් පාර්ශවයකට කිසිදු සටහනක් නොමැතිව පිවිසිය හැකි බව එම සංගමය අනාවරණය කරයි. 

එසේ සිදුවන අවභාවිතා වලට සහ රජය විසින් ජනතාවට නොදන්වා සිදුකරනු ලබන Mass surveillance වැඩසටහන් වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ලබාගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොහැකි බැවින් ( ශ්‍රී ලංකා රජය ව්‍යවස්ථානුකූලව පෞද්ගලිකත්වය මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිලි නොගනී ) මෙසේ ජාතික දත්ත මධ්‍යස්ථානයකට සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දත්ත එක්රැස් කිරීම විශාල ගැටලුවක් ලෙස දැකගත හැකිය. රජය ජාතික දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට පෙර ජනතාවගේ පෞද්ගලිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගත යුතු අතර දත්ත ආරක්ෂණය සදහා පෞද්ගලිකත්ව පනතක්ද සම්පාදනය කල යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට අවධාරණය කරන්නෙමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න