පුර්ව මැතිවරණ සමීක්ෂණ වාර්තා බොරු : එදා මහින්දට වැඩ කළ අය මෙදා මෛත්‍රීට

පුර්ව මැතිවරණ සමීක්ෂණ වාර්තා බොරු : එදා මහින්දට වැඩ කළ අය මෙදා මෛත්‍රීට

පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෙත ලබාදී ඇති පුර්ව මැතිවරණ සමීක්ෂණ වාර්තා සියල්ල අසත්‍ය බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කොහෙත්ම අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිඵලයක් ඔවුන් වෙත ලැබෙමින් ඇති බවත් මේ වන විට එම සමීක්ෂණ සිදුකර පෙන්වූ පාර්ශව සිය දුරකථන පවා විසන්ධි කරගෙන සිටින බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම පසුගිය සමයේ රජාපක්ෂ පාලනයට අතිශෝක්තියෙන් යුතු ව්‍යාජ සමීක්ෂණ වාර්තා සකසාදුන් පාර්ශව මෙවර මෛත්‍රී ජනාධිපතිවරයා වෙනුවෙන් සමීක්ෂණ වාර්තා ලබාදුන් බවත් ඒ පිළිබඳ පමණක් නොව 2015 ජනවාරි 08 වෙනිදායින් පසුව මහින්ද අත්හැර ජනාධිපතිවරයා වෙත පැමිණි පාර්ශව වෙතින් ප්‍රවේශම් වියයුතු බව මීට පෙර අවස්ථා ගණනකදී දැනුවත්වීම් කළත් ඒ පිළිබඳ අවශ්‍ය අවධානය යොමුනොවූ බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් අදාළ ව්‍යාජ වාර්තා අනුව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තෙවන හෝ සිව්වන ස්ථානයට පත්වන අවධානමක් ඇති බවද නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න