එක්කෝ තනියෙන් ආණ්ඩුවක් හදමු : නැත්නම් අයින් වෙමු - එජාප ජ්‍යෙෂ්ඨයින් වෙතින් අගමැතිට දැඩි බලපෑම්

එක්කෝ තනියෙන් ආණ්ඩුවක් හදමු : නැත්නම් අයින් වෙමු - එජාප ජ්‍යෙෂ්ඨයින් වෙතින් අගමැතිට දැඩි බලපෑම්

තවදුරටත් යහපාලන සම්මුති ආණ්ඩුවේ සිටිමින් පක්ෂය විනාශවීමට ඉඩදෙනවාද නැද්ද යන්න කෙරෙහි වහා තීන්දුවක් ගතයුතු බවට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

සිරිකොත පක්ෂ මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට මේ වන විටත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඒ පිළිබඳ නිල වශයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති අතර ඉදිරියේදී සාමුහික යෝජනාවක් සිදුකිරීම වෙනුවෙන් සාකච්ඡාද ආරම්භ කර ඇත.

එහිදී ඔවුන් අවධානය යොමුකර ඇත්තේ එක්කෝ තම පක්ෂයේ සිටින කතානායකවරයා හැර ඉතිරි මන්ත්‍රීවරුන් 106 යොදා සුළු සුළුබහුතර ආණ්ඩුවක් පිහිටුවීමට හෝ එසේ නොමැතිනම් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වීමට හෝ වහා තීන්දුවක් ගත යුතු බවය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජන්ද පදනම අඩු කිරීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත්ව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් තවදුරටත් ඔහු සමඟ දේශපාලන ගමනක් යාමට සිතනවා නම් එය පක්ෂයේ විනාශය බවද ඔවුන්ගේ තක්සේරුව වී ඇති බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න