වියත්මගට පොහොට්ටුවෙන් බාධා : අනාථ වෙන්න යන චන්නලා හඬා වැටෙයි !

වියත්මගට පොහොට්ටුවෙන් බාධා : අනාථ වෙන්න යන චන්නලා හඬා වැටෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයින් වියත් මග සංවිධානයේ සාමාජිකයින්ට ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙමින් බාධා කරමින් පවතින බව  චන්න ජයසුමන පවසයි.

චන්න ජයසුමන  මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එහිදී ඔහු මෙසේ අදහස් දක්වා ඇත.

“වියත් මග කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සඳහා, එය රටට පැහැදිලි කිරීම සඳහා වියතුන් එකතුවෙලා ඇති කරගත්ත සංවිධානයක්. ඒක නියෝජනය කරපු අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සිටිනවා, ජාතික නිදහස් පෙරමුණත් එක්ක සිටිනවා, පිවිතුරු හෙළ උරුමයත් එක්ක සිටිනවා. ඉදිරි මහමැතිවරණයේදී වියත් මග සංවිධානය නියෝජනය කරපු කණ්ඩායම්වලට දිස්ත්‍රික්ක ගණනාවකින් නාමයෝජනා හිමිවෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා.

පක්ෂවල ඉන්න ජ්‍යේෂ්ඨයින්ගෙන් නෙවෙයි, ඇත්තටම ඇතැම් දිස්ත්‍රික්කවල ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දුර්වල ආසන සංවිධායකයින් කිහිපදෙනෙක් ඉන්නවා. මේ සංවිධායකයින් තමයි බියවෙලා ඉන්නෙ දැන උගත් පිරිසක් ඉස්සරහට ඒම නිසා. ඇත්තටම අපි ඒ පිළිබඳ එතරම් තැකීමක් කළ යුතු නෑ. එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසි පරිදි කළමනාකරණය කරයි කියන අපේක්ෂාව අපට තියෙනවා”.

චන්න ජයසුමනලාගේ විලාපය පැහැදිලියි !

චන්න ජයසුමන යනු රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වකුගඩු රෝගය සම්බන්ධව තමන් වෙත නාථ දෙවියන් තොරතුරු දුන් බව පැවසූ අයයි. පසුව වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව කියමින් මහා ප්‍රචාරයක් දියත් කළ අතර එය නාඩගමකින් අවසන් විය.

එවැනි පුද්ගලයන් මේ වන විට පොදුජන පෙරමුණ වෙතින් ඈත්කිරීමේ කටයුත්තක් දියත්ව ඇත්නම් එය සුභවාදී ප්‍රවේශයක් බව විචාරක මතය වී තිබේ.

ඔවුන් සඳහන් කරන ආකාරයට බලය අල්ලන්න චන්න ජයසුමන වැන්නවුන් ගේ මිත්‍යාව සහ ජාතිවාදී මනස්ගාත යොදාගත් නමුත් රාජ්‍ය පාලනය කරන්න එවැනි මනස්ගාත අනවශ්‍ය බව පොදුජන පෙරමුණ තක්සේරුව වී ඇති බව පෙනීයන බවයි.

.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න