මහනුවරට කෘෂි පාරිසරික සංචාරක කලාපයක්

මහනුවරට කෘෂි පාරිසරික සංචාරක කලාපයක්

ඉතා ඉහල සංචාරක ආකර්ශනයක් පවතින මහනුවර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් කෘෂි පාරිසරික සංචාරක කලාපයක් ඇති කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ යෝජනාව අනුව මධ්‍යම පළාතේ කෘෂි , කලාපීය ආර්ථික සංවර්ධන, ආයුර්වේද, සංචාරක, ඇතුළු ආයතන රැසක් සම්බන්ධකරමින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා වන ව්‍යාපෘති ‍යෝජනාව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතාගේ විමර්ශනයට (22) ලක් විය.

ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බදුන් වු අතර, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සදහා අවශ්‍ය තීන්දු තීරණ ලබාගැනීම ද සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න