ගෝඨාභය දුන්න බදු සහනය ජනතාවට නෑ !

ගෝඨාභය දුන්න බදු සහනය ජනතාවට නෑ !
ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් දුරකථන ගාස්තු බදු අඩුකරමින් ලබාදුන් සහනය ඊට අදාළ සමාගම් විසින් ජනතාවට ලබානොදෙන බව පෙන්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.
 
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි.
 
2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් වූ ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුවක් ඉටුකරමින් 2019/12/01 දින සිට ජනාතාව සදහා වීවිධ බදු සහන ලබා දෙන ලදී. ඒ අනුව 2019/12/01 දින සිට දුරකතන සදහා වන බදුද අඩු කරන ලදී. 
 
එසේ තිබියදී මෙරට දුරකතන සමාගම් එම සහන පාරිභෝගිකයාට ලබා නොදී සිය ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කරමින් සිටී.
01.භාවිතා කරන ප්‍රමාණය අනුව මුදල් අය කිරීම (Pay as you go) යටතේ වන බදු මුදල් 2019/12/01 දින සිට වෙනත් සමාගම් අඩු කලද Hutchison Asia Telecom සමාගම අඩු කරන ලද්දේ 2019/12/03 දින මධ්‍යම රාත්‍රීයේ සිටය.
 
02. නියමිත මුදල සදහා වන (Bunddle) සදහා වන බදු සහන සියලුම සමාගම් විසින් පාරිභෝගිකනයාට ලබා දීමට කටයුතු කරන ලද්දේ 2019/12/03 මධ්‍යම රාත්‍රීයේ සිටය. එහිදීද බදු මුදල් අඩු නොකල අතර ලබා දෙන ඩේටා ප්‍රමාණයන් වැඩි කොට ඇත.
 
මේ පිළිබදව වීධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් 2019/12/01 සිට පාරිභෝගිකයාට ලබා දිය යුතු එහෙත් 2019/12/03 දින දක්වා පාරිභෝගිකයාට ලබා දී නොමැති බදු සහනය ඉතාම ඉක්මනින් පාරිභෝගිකයාට ලබා දීම සදහා කටයුතු කරන ලෙසත් ඔබ කොමිසමෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න