එජාප සාකච්ඡා අසාර්ථකයි  

 එජාප සාකච්ඡා අසාර්ථකයි  

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය මහතා අතරත් කරු ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතරත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරුබුධය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථකවී ඇතැයි වාර්තා වේ.

පසුගිය සති අන්තයේ කථානායක නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නෙ ආකාර පිළිබඳව අවසන් තීරණයකට වෙනස් වන ආකාර පිළිබඳව අවසන් තීරණයකට වෙනස් වෙන ආකාර පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා දිගටම පක්ෂ නායකත්වයේ සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවය. එහෙත් සන්ධානයේ නියකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නට තීරණය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව සජිත් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එවැනි නිල තීරණයක් තවම නැති බවය. එහෙත් සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගටම  කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වනාවාද නැද්ද යන්න. තම පාර්ශවයට අදාළ නැති බවය.

ජනවාරි 26 දින එජාප පළාත් පාලන නියෝජිතයින් කොළඹට කැඳවා ඇතැයිද ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සන්ධානය මහමැතිවරණය ඉලක්ක කරගෙන දැනටම සංවිධාන කටුයුතු ආරම්භ කර ඇති බවය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න