ලංකාවේ මාධ්‍ය නිදහසට ජාත්‍යන්තර සහතිකයක් : රොයිටර් ලංකාවෙන් යයි !

ලංකාවේ මාධ්‍ය නිදහසට ජාත්‍යන්තර සහතිකයක් : රොයිටර් ලංකාවෙන් යයි !

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන රොයිටර් පුවත් සේවය මෙරටින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙරට මතුව ඇති රාජ්‍ය අනුග්‍රහය ඇති ජාතිවාදී රැල්ල සහ ඒ සම්බන්ධව රොයිටර් පුවත් සේවයට ඇති ගෝලීය අප්‍රසන්න අත්දැකීම් හේතුවෙන් මෙසේ ඉවත්ව යාම සිදුකර ඇත.

රොයිටර් පුවත් සේවයට මියෙන්මාරයේදී අභාග්‍ය සම්පන්න අත්දැකීමකට මුහුණදෙන්න සිදුව ඇති අතර එහිදී රොයිටර් මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියමකර තිබිණ.

මේ සම්බන්ධව ඊයේ (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නද අදහස් දැක්වීය. ඒ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනෙක් ම ජිවිත අරාක්ෂාව පතා රටින් පලාගොස් ඇති බවයි. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්ද එසේ ශ්‍රී ලංකාවෙන් සිය කාර්යාලය ඉවත්කර ගෙන ඇති බව පවසමින්ය.

''යහපාලන ආණ්ඩුව පැවති පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කිසිදු මාධ්‍යවේදියෙකු රට අත්හැර නොගිය බවත්, එහෙත් වත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසීය.

ඒ අනුව අද වනවිට රට තුළ තිබූ මාධ්‍ය නිදහස වෙනස් වෙමින් පවතින බව ඔහු කියා සිටියේය.

වත්මන් රජය යටතේ ජනතාව මෙන්ම මාධ්‍ය බිය ගන්වා රට තුළ විනය සෑදීමට උත්සාහ ගන්නා බවත්, රට තුළ විනය ගොඩනැගිය හැක්කේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත් ඔහු අවධාරණය කළේය. 
 එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා,

“එක එක වචන පාවිච්චි කරනවා අලුත් රජය. විනයක් තියෙන්න ඕන වැනි වචන භාවිත කරනවා. මේක හිතුවද පාසල් යන දරුවන් කියලා. මේ ඇවිල්ලා පුරවැසියන්. පාසල් දරුවන් නෙවෙයි. විනය ගේන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක වීමෙන් පමණයි.

මිනිස්සු බය කරලා මාධ්‍ය භය කරලා මොකක්ද මේකෙන් වෙන්නේ? එක මාධ්‍යවේදියෙක් පසුගිය අවුරුදු හතර තුළ රට අතහැරලා ගියාද? එක්කෙනෙක්වත් රට අතහැරලා ගියේ නෑ. මම කියනවා රට අතහැරලා ගියා නම්, නම් කරන්න කියලා. මේ දවස් හැට තුළදී මාධ්‍යයට සම්බන්ධ කිහිපදෙනෙක්ම දැනටම රට අතහැරලා ගිහිල්ලා" යනුවෙන් පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න