තනතුරු වෙනුවෙන් කේලම් : ශ්‍රීලනිප මුලස්ථානයේ ගුටි කෙළියක් !

තනතුරු වෙනුවෙන් කේලම් :  ශ්‍රීලනිප මුලස්ථානයේ ගුටි කෙළියක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාලි පාර  මූලස්ථාන‍යේ අද (24)  ‍දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් ‍හේතු‍වෙන් එක් අ‍යෙක් ‍රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍ය දයාසිරි ජය‍සේකර‍ගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු වන  අමිල ලියන‍ගේ සහ පක්ෂ තරුණ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාවරයකු වන  ලකිඳු ගජ‍සෙන් ‍හේරත් මේ ගැටුමට මුලපුරා ඇත.

එහිදී පහරකෑමෙන් රෝහල් ගතවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකු වන ලකිඳු ගජසෙන් හේරත්ය.

මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රීලනිප මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ  පක්ෂ‍යේ විවිධ තනතුරු ලබාගැනීමට, ‍මේ ‍දෙ‍දෙනා අතර තරඟයක් පැවති බවය. එසේම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරද මේ ‍ ‍දෙ‍දෙනා ලවාම වැඩකර ගැනීමට කටයුතු කළා මිස මේ ප්‍රශ්න විසඳන්නට කටයුතු කර නැත.

තනතුරු වෙනුවෙන් නිලධාරීන් ප්‍රසිද්ධියේ මරාගැනීම සහ කේලම් ඕපාදුප හරහා නායකත්වයන්ට සමීපවීමට අවස්ථාව ඇති බවට පක්ෂ ක්‍රියාකාරීන් අතර මතයක් නිර්මාණයවීම අවාසනාවක් බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. එසේම සිරි‍සේනගේ නායකත්වයෙන්  සහ දයාසිරි මහ ලේකම් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්ව ඇති ඉරණමට ‍මෙම සිදුවීම ද කදිම නිදසුනක් බවත් එම ආරංචිමාර්ග  පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න