ක්‍රිෂාන්ත කුරේ - ගානියර් බැනිස්ටර්ට කතා කර නෑ : එජාපයෙන් සහතිකයක් !

ක්‍රිෂාන්ත කුරේ - ගානියර් බැනිස්ටර්ට කතා කර නෑ : එජාපයෙන් සහතිකයක් !

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන ලේක්හවුස් ආයතනයේ හා හිල්ටන් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ගේ නම    පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා වල තිබු බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 21 දා අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී,  ඒ බව  සඳහන් කර තිබු බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු කිසිඳු අවස්ථාවක ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සමග දුරකතනයෙන් කතාකර නැතැයි  එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.

එසේම ඔහු කිසිඳු අවස්ථාවක එම කාන්තාව හමුවී හෝ ඇයට වෙනත් වෙනත් ආකාරයකින් හෝ පණිවිඩ යවා නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව සඳහන් කල අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

''ක්‍රිශාන්ත කුරේ ලේක් හවුස් සභාපතිවරයා වශයෙන් අපේ රජය කාලේ කටයුතු කරා. ඒ වගේම ඔහු රිවිර පබ්ලිකේෂන්ස් ආයතනයේ රිවිර හා නේෂන් පුවත්පත් ඇතුළු තවවත් පුවත්පත් කිහිපයක් ප්‍රකාශයට පත් කරා. ඔහු එහි  ප්‍රධාන විධායක නිළධාරියා වශයෙන් කටයුතු කරා.

ඒ වගේම ඔහුගේ ලොකු තාත්තා, එවන්ස් කුරේ මේ රටේ මාධ්‍ය පරිපාලනය පිළිබඳව හිටපු විශිෂ්ඨතම පුද්ගලයෙක්. 

''ක්‍රිශාන්ත කුරේ ඔය ස්විස් කාන්තාව එකක් කතා කර බවට කිසිදු කරුණක් නැහැ. මේ ප්‍රශ්නය මේ විධියට මේ ත්‍රාසය ජනවන අකාරයට සැකයක් මතුකරන ආකාරයට සකස් කරමින්, සංස්කරණය කරමින් , මේ බී වාර්තා ඉදිරිපත් කරලා ඒ බී වාර්තාව හරහා පුවත් මවනවා'' . එතකොට ක්‍රිශාන්ත කුරේව ස්විස් එම්බසියේ කාන්තාවක් පැහැරගෙන යෑමේ සිදුවීම ගැන  සම්බන්ධ කරන්නට තුඩු දෙන ආකාරයේ ව්‍යාජ නැත්නම් අතිශෝක්තියෙන් ලියන ලද කරුණු දැන් දින දෙකක් පමණ තිස්සේ මාධ්‍යවලට නිකුත් වෙනවා.  

මොකක්ද තියෙන සාක්ෂිය ? මොකක්ද මේ කියන කතාව ? පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න, ක්‍රිශාන්ත කුරේ ලේක් හවුස් සභාපති තමන්ගේ යටතේ තිබෙන සන්ඩේ ඔබ්සව් පත්තරයේ ප්‍රධාන කතෘ  තුමියට කතා කර. ඒ කතා කරපු වේලාව කියන්නේ තප්පර ගණන් වලින්, තප්පර මේච්චර කතා කරා, තප්පර වලින් කතා කරත්, විනාඩි ගණන් කතා කරත්, පැය ගනන් කතා කරත්, තමන් ලේක් හවුස් සභාපති තමාගේ පත්තරේ තිබෙන එඩිටර්ට කතා කරන එක අපරාධයක්ද ඒක නිව්සු එකක්ද ? සැක කටයුතු ප්‍රශ්නයක්ද? 

එතකොට මෙතන සම්පූර්ණයෙන්ම මේ ක්‍රිශාන්ත කුරේ යම් ආකාරයෙන් අපහසුතාවයට පත්වෙනවා. ඔහුට ‍එරෙහිව යම් අප කීර්තියක් ඇති කරන්න, ඔහුට එරෙහිව සමාජ මතයක් ගොඩනගන්න, උත්සහයක් තමයි මේ පොලීසිය අරගෙන යන්නේ. 

ක්‍රිශාන්ත කුරේ ඔය ස්විස් කාන්තාව එකක් කතා කර බවට කිසිදු කරුණක් නැහැ. මේ ප්‍රශ්නය මේ විධියට මේ ත්‍රාසය ජනවන අකාරයට සැකයක් මතුකරන ආකාරයට සකස් කරමින්, සංස්කරණය කරමින් , මේ බී වාර්තා ඉදිරිපත් කරලා ඒ බී වාර්තාව හරහා පුවත් මවනවා. 

ඒ නිසා ඒ පවුල්වල සමාජිකයෝ , හිතමිතුරන් බලවත් කනගාටුවකට කම්පනයකට පත්වේලා තියෙනවා. ඒ වගේම යම් විධියකට නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට සැරසෙනවාලු. යම් දේශපාලන පලි ගැනීමකට ලැස්තිවෙනවද ? කියන කාරනය ගැන මේකේ ප්‍රශ්නයක් මතු වෙනවා. 

මේකේ සමස්ත පණිවිඩය තමයි ක්‍රිශාන්ත කුරේටත් මෙහෙම වෙනවනම් අපට මොකද වෙන්නේ කියලා මේ රටේ මාධ්‍ය කරණයේ ඉන්න ඔබ වැනි සමාණ්‍ය මාධ්‍යයවේදීන්ගේ ඉදලා මෙරටේ ඉන්න ජේෂ්ඨතම මාධ්‍ය කළමනාකරුවාන් අද කල්පනා කරන්න පටන් අරන් ඉන්නවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න