කොරෝනා වෛරසය වැළැක්වීමට කඩිනම් පියවර ගන්න : මනූෂ ආණ්ඩුවට දන්වයි !

කොරෝනා වෛරසය වැළැක්වීමට කඩිනම් පියවර ගන්න : මනූෂ ආණ්ඩුවට දන්වයි !
චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවීම වැලැක්වීම සදහා වහාම විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර රජයට තරයේ අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කර සිටින අතර එම නිවේදනය මෙසේය.

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වන විට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවීම වැලැක්වීම සදහා වහාම විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි රජයට තරයේ අවධාරණය කර සිටිමි.

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා තවමත් සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර චීනයේ සිට සැලකිය යුතු ගුවන් මගීන් ලංකාවට දිනපතා පැමිණේ. ඒ අතරම චීන සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිනපතා ලංකාවේ සංචාරයට පැමිණේ. මීට අමතරව කොළඹ ආශ්‍රිතව සිදුකරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා චීන ජාතිකයින් විශාල වශයෙන් ලංකාවට ගෙන්වාගෙන තිබේ. මෙම වෛරසය ලංකාවට ඇතුළුවීමට හැකි ප්‍රධානම මාර්ගය වන්නේ චීනයේ සිට පැමිණෙන මගීන් හරහාය.

එහෙත් චීනයේ සිට ලංකාවට පැමිණෙන මගීන් සංඛ්‍යාව පාලනය කිරීමට හෝ චීනය හා ලංකාව අතර පවතින සෘජු ගුවන් ගමන් නතර කිරීමට මේ වන තෙක් රජය කටයුතු කර නැත. මේ නිසා වහාම චීනයේ සිට පැමිණෙන මගීන් හා ගුවන් ගමන් සංඛ්‍යාව වහාම පාලනය කිරීමට රජය කටයුතු කළ යුතුව ඇත. කොරෝනා වෛරසය චීනය තුළ පාලනය වන තෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා චීන ජාතික කම්කරුවන් ලංකාවට ගෙන්වා ගැනීම වහාම අත්හිටුවීමටද රජය කටයුතු කළ යුතුව ඇත.

සීග්‍රයෙන් ව්‍යාප්තවිය හැකි වෛරසයෙන් ලංකාවේ ජනතාව බේරාගැනීම සදහා වහාම කටයුතු කළ යුතු බවත්, වෛරසය ලංකාවට පැමිණිය හැකි සියලුම මාර්ග වසා දැමීමට කටයුතු කළ යුතු බවත් නැවත වරක් රජයට තරයේ අවධාරණය කර සිටිමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න