අපි නිදොස් කියලා වෝහාරික විගණන වාර්තාවෙන් ඔප්පු වුණා - රවී 

අපි නිදොස් කියලා වෝහාරික විගණන වාර්තාවෙන් ඔප්පු වුණා - රවී 

"වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002  සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ වැරදි නැහැ. වැරදි දේවල් අපි කෝප් කමිටුවට බාරදිය යුතුයි. මෙහි සැබැ ප්‍රශ්නකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේම දෙතුන්දෙනෙක්. එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක, මලික් සමරවික්‍රම, මංගල සමරවීර,මේ වගේ කට්ටිය එරාන් වික්‍රමසිංහ, කබීර් හෂීම්, හර්ෂ සිල්වා, සුජීව සේරසිංහ නිකරුණේ පක්ෂයට ප්‍රශ්නයක් ඇතිකළා. ඒ අය පක්ෂයට ඇති කළ වැරැද්ද අද අපි නිවැරදි කළ යුතුයි. එක්ස්ත ජාතික පක්ෂය නිකරුනේ ප්‍රශ්න වලට පැටලුනා. බැණුම් ඇහුවා. නමුත් අවසානයේ අපි ජය ගත්තා යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක,  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක  අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට කරුණු පැහැදිළි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙසේද පැවසීය.

"එක්සත් ජාතික පක්ෂය ගැටළුවකට මුහුණදුන් අවස්ථාවේ ජනතාව අපි සමග සිටියා. ඔවුන්ට සැලකීමක් වශයෙන් දේශපානය පැත්තකට දාලා, එකට එක්ව රට ඉදිරියට ගෙනයාමේ අවස්ථාවක් ඇති කළ යුතුයි. මේක දේශපාලනයක් නෙමෙයි. රට අගලක් ඉදිරියට යද්දි, ඊට වඩා වේගයෙන් තවත් අඩි 10 ක් ආපස්සට යනවා. මෙහෙම ගියොත් ඉදිරියේදී වඩාත් සංකීර්ණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම එකමුතු වීමේ තත්ත්වය වෙනස් කර රට ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතුයි.

මේ දිනවල විශාල ගැටලුවක් වී තිබෙන්නේ රන්ජන් රාමනායකගේ හඩපට ප්‍රශ්නයයි. මන්ත්‍රීවරයෙක් පත්වෙන්නේ ජනතාවට සේවය කරන්න. රට ඉදිරියට ගෙනියන්න මිසක්  ඊයේ රෑ කෑවෙ මොනාද , කළේ මොනාද, කතා කළේ කා එක්කද කියලා කතා කරන්න, හොයන්න නෙමෙයි. එහෙම දේවල් තුළින් මන්ත්‍රීවරුන්ගේ ආත්මගරුත්වයට හානි සිදුවෙනවා. මන්ත්‍රීවරුන්ගේ මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ සාධාරණ සහ නිවැරදි තීරණ ගතයුතුයි.

පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් හිටපු ජනාධිපිතවරයා වගකිවයුතුයි කියලා රංජිත් මද්දුම බණ්ඩාර  කියනවා. නමුත් එදා බලයේ සිටි අවස්ථාවේ ඔවුන් කළයුතු දේ කළේ නැහැ. දැන් බොරුවට එක එක්කෙනාට ඇගිල්ල දික් කරනවා.

ආණ්ඩුවක් ගෙනයන එක පහසුක කාර්යයක් නෙමෙයි. 2015 දී අපට බාර දුන්නේ මීට වඩා බංකොලොත් ආණ්ඩුවක්. නමුත් අපි වැටුප් වැඩි කළා. සෞඛ්‍යයට මුදල් වෙන්කළා. අධ්‍යාපනයට මුදල් වෙන්කළා. විශ්‍රාම වැටුප් වැඩි කළා. ගෑස් මිල තෙල් මිල අඩු කළා.  අපි මේවා කළේ 2/3 ක බලයෙන් නෙමෙයි. දැන් ආණ්ඩුවට ජනතාවට සහන සලසන්න 2/3 ක බලයක් අවශ්‍යයි නම්, ඒක අපිට කියන්න. ජනතාව වෙනුවෙන් කරන ඕනෑම කටයුත්තකට අපි හෙට වුණත් 2/3 ක් නෙමෙයි 100% ක්ම සහාය දෙනවා" 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න