කොරෝනා ගැන බය වෙන්න දෙයක් නෑ  : නාමල්ගේ සහයට තිස්සත් එයි !

කොරෝනා ගැන බය වෙන්න දෙයක් නෑ  : නාමල්ගේ සහයට තිස්සත් එයි !

චීනය මූලික කරගෙන පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසයට බිය විය යුතු නැති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර, ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් තිස්ස විතාරණ සඳහන් කරයි.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.මෙම වෛරසය කලින් ඇති වූ වෛරස තත්ත්වයන්ට අනුව බලන විට බරපතළ එකක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

චීන ජනගහනයෙන් 5%කටවත් මෙම වෛරසය වැලදී නොමැති තත්වයක් තුළ මාධ්‍ය විසින් මෙය ඕනෑවට වඩා කතා කිරීම ද නුසුදුසු බවත් ඔහු සඳහන් කළේය.

2003 වසරේ ලෝකය පුරා වෛරසයෙන් විශාල පිරිසක් මිය ගිය බවත් මෙම වෛරසය එතරම් විනාශකාරී එකක් නොවන බවද ඔහු කියා සිටියේය.

තිස්ස ආවේ නාමල්ගේ සහයට ?

මේ අතර පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන වැරදි තොරතුරු මෙන්ම ඒ සඳහා අනවශ්‍ය ලෙස භීතියට පත්වීමට දැනට එය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර තවදුරටත් සංකීර්ණ කරනු ඇති බවය.

එසේම මහජනතාව තුළ භීතියක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති අනවශ්‍ය ප්‍රචාරයන්ට ලංකාව ගොදුරු නොවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා.  

මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්‍රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි" කියාද නාමල් මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න