සිරිසේනට සම නායකත්වය දෙනවාට : පොහොට්ටුවේ විරෝධය ඇවිලෙයි !

සිරිසේනට සම නායකත්වය දෙනවාට : පොහොට්ටුවේ විරෝධය ඇවිලෙයි !

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන නව සන්ධානයේ සම නායකත්වය හිටපු ජනාධිපති සිරිසේනට ලබාදීමට කිසිසේත්ම එකඟ නොවන  බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශවය  සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවන් යෝජනාවකට එකගතාවය පළ කර නැති බවත් එම පාර්ශවය අවධාරණය කරයි.

නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට  ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විධායක සභා රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසිවලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බවය.

මාතර,  කඩවැද්දූව ප‍්‍රදේශයේ ඊයේ (1දා) පැවති ජන හමුවකදි ඔහු මේ බව සදහන් කර ඇති අතර එහිදී වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

"ආණ්ඩුව අපි පිහිටුවලා තිබුණට පාර්ලිමේන්තුවේ බලය අපිට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අණපනත් පාර්ලිමේන්තුවට ගෙන එන්න බැහැ.

ඊළඟ මැතිවරණයෙන් පස්සේ සජිත් මහත්තයට විපක්ෂනායකකමවත් රනිල් මහත්තයා දෙන්නෙ නැහැ . අවසානයේ ජාතික ලයිස්තුවෙන් එන්න හැඳුවොත් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයත් අහිමි කරනවා.

දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්ධානගත වෙලා තරග කරනවාද නැද්ද කියලා විවිධ අදහස් පළවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද දාහතර ලක්ෂයක් තියෙනවා කියලා දයාසිරි ජයසේකර මහත්තයා කියනවා.

දාහතර ලක්ෂයක් ජන්ද තියෙන කියලා බලන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරන්න ඕන කැමති ලකුණකින් . අපි කැමතියි සන්ධාගතවෙලා මැතිවරණය කරන්න ඒක අපිට ගැටලුවක් නැහැ.

හැබැයි කොන්දේසි වලට අපි යටත් වෙන්න සුදානම් නැහැ. අපි අමාරුවෙන් මෙි ගමන ආවේ. අවුරුදු හතරහාමාරක් කැපවෙචිච මිනිස්සු ඉන්නවා ඒ අය ආරක්ෂා කරගන්න ඕන."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න