කෝප් කමිටු සාමාජිකයන් නම් කරයි : හඳුන්නෙත්ති දෙස රටම බලාගෙන !

 කෝප් කමිටු සාමාජිකයන් නම් කරයි : හඳුන්නෙත්ති දෙස රටම බලාගෙන !
 
රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය  ගිණුම්  පිළිබඳ කාරක සභාවේ  සාමාජිකයන්  ලෙස  තෝරා ගත්  ඇමැතිවරුන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  නම් ප්‍රකාශයට පත් කිරීම අද  ( 05)  පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.
 
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින  රැස්වූ තේරීම් කාරක සභාව විසින් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් පත්කිරීම සිදුවිය.
 
ඒ අනූව සුනිල් හදුන්නෙත්ති , අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත,  මහින්දානන්ද අලුත්ගමගේ,  දයාසිරි ජයසේකර,  ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්,  විජේදාස රාජපක්ෂ,  හර්ෂ ද සිල්වා,  අජිත් පී පෙරේරා,  ශ්‍රියාණි විජේවික්‍රම,  රන්ජන් රාමනායක,  අශෝක් අබේසිංහ , සුනිල් හදුන්නෙත්ති , මාවෙයි එස්.සේනාධිරාජා , ඩී.වී චානක යන මැති ඇමැතිවරුන්  පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයන් ලෙස නම් කෙරිණ.
 
එසේම  පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද ,  වාසුදේව නානායක්කාර ,  දුමින්ද දිසානායක , රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා  උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා,   බුද්ධික පතිරණ,  එස්. ශ්‍රීතරන්,  වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්   ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.
 
ඒ,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින  රැස්වූ තේරීම් කාරක සභාවේ තේරීම අනූවය.
 
මෙම කාරක සභා දෙකෙහිම සභාපතිවරුන් දෙදෙනා 
  පත් කිරීම එම  කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කිරීමට නියමිතය.
 
කෝප් කමිටුවේ සභාපති කවුද ?
 
කෙසේ වුවත් කෝප් කමිටුව නැත්නම් රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාවේ සභාපති කවුද යන්න කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මේ සභාපති ධූරය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා වෙතය. ඒ එම කාරක සභාවේ කටයුතු විධිමත්ව සහ ස්වාධීන ලෙස පවත්වා ගෙන යාමටය.
 
ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකිරීමට නියම කිරීම පළමුව සිදුකළේ ද එයින් වන අතර ක්‍රිකට් ආයතනයේ වංචා , ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වංචා ඇතුළු රාජ්‍ය ආයතන රැසක දූෂණ මෙහිදී අනාවරණය විය.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න