ඩොලර් මිලියන 2ක මූල්‍ය අල්ලසක් ලබාගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා විසින් දැනුම්දුන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නිවසේ නොමැති බව වාර්තා වෙයි.
සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද‍්‍රසේන හා ඔහුගේ බිරිද නිවසෙන් අතුරුදහන් වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ 07 පිහිටි අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී මේ බව හෙලිව ඇත.
මෙම දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම සදහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර ඇත.
මීට පෙර යහපාලන ආණ්ඩුව සමයේ ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මේ දූෂණ වංචා විමර්ශනය කරන විටත් කපිල චන්ද්‍රසේන ඒ විමර්ශන මඟහැර සිටිය බවට චෝදනා ඇත.

