අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත්වරයෙකු වන තිළිණ ගමගේ විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (5) තින්දු කර ඇත.
මෙම පෙත්සම ගොනුකරමින් තමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස තිලිණ ගමගේ ඉල්ලා තිබිණ.
තමන්ට එරෙහි අධි චෝදනා නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අගතිගාමී ලෙසින විභාගය වන බවත් , එහිදී තමන්ට යුක්තිව ඉටුවීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවද පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් වේ.
අධිකරණ සංවිධාන පනතේ 46 වැනි වගන්තිය යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු විසින් අදාල පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන නියෝගය නිකුත්කරනු ලැබිණ.

