ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?

ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?

දමිල භාෂාව භාවිතා කරන ප්‍රජාව ඉලක්ක කොට ප්‍රසිද්ධියේ සිදුකර ඇති මරණ තර්ජනයක් සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂගේ ස්ථාවරය ප්‍රශ්න කරමින් විවෘත ලිපියක් යොමුකිරීමට ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා කටයුතු කර ඇත.

 "ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?" යන ශීර්ෂයෙන් යොමුකර ඇති එම ලිපිය පහත දැක්වෙයි.  

 ජනපතිගෙන් විවෘතව අහන්නේ - මොහුට දෙන දඬුවම කුමක්ද?  

නිදහස් දින ජනාධිපතිගේ කතාව මම අගය කෙරුවා වගේම ඒ කතාවෙන් ජනාධිපති පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සහ සියලු අන්තවාදයන්ට එරෙහි ප්‍රකාශ වෙනුවෙන් අපිත් විවෘතව පෙනී සිටිය යුතු යැයි කීව්වේ, මේ රට තවමත් විඳවන වාර්ගික, ආගමික බෙදීම්, ගැරහීම්, කොන් කිරීම් සියල්ල වහා අත්හල යුතු නිසයි. එවැනි අනාගතයක් සඳහා සමාජ කතිකාවක් සමග සමාජීය එකඟතාවක්ද අවශ්‍ය නිසයි.  

අවාසනාවකට ජනාධිපතිගේ ඒ කතාව ගැන පසුදින මගේ අදහස් දැක්වීම පළකරන්නටත් කලියෙන්ම තම රැකියාව ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි ඇඟවෙන අයුරු ෆේස්බුක් ගිණුමෙහි සඳහන්කර ඇති රංග ශ්‍රී පීරිස් නැමැත්තෙකු පළාතම ගඳ ගස්සන, ඉතාම මෘග අන්තවාදී සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි තබා තිබිණ. එය “විකල්පවොයිස්” ගිණුමෙහි තිබූ සටහනකට පිළිතුරු ලෙස තැබූවකි. එය කියවූ විගස කාරණාව තේරුම් ගන්න පහසුයි. ජනාධිපතිගේ අවධානය සඳහා එය මෙසේ උපුටා තබනවා.

“ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණයි... තොපිට ඕනෙ ඕනෙ විදියට එක එක භාෂවෙන් ගායනා කරලා ජාතික ගීය වේසාකමේ යොදවන්න බැහැ. මරණවා තොපි ඔක්කොම ආයේ ඔය රෙද්දෙ භාෂාවෙන් ගායනා කරන්න ඉල්ලුවොත්.”

එයට සාක්ෂි සඳහා ඒ ෆේස්බුක් සටහනේ ඡායාරූපයක් මෙහි තබනවා.

   facebook 1580956827135

මෙවැනි වනචාරීන්ට ජනාධිපති විසින් ප්‍රතිඥා දුන් සාමකාමී, දියුණු, විනයගත ශ්‍රී ලංකාවේ ඉන්නට ඉඩ දෙන්න බැහැ. මෙවැනි අන්තවාදීන්  2007 අංක 56 දරණ ICCPR පනත යටතේ වහා අත්අඩංගවට ගෙන නඩු පවරන්න අවශ්‍යයයි.  

ඒ නිසා කිසිදු ආකාරයක භේදයකින් හා වෙනස්කම් වලින් තොර සමාජයක් වෙනුවෙන් ජනාධිපති දුන් ප්‍රතිඥාවන් ඉටුවේ යැයි බලා සිටින සියල්ලන් දැන් බලාගෙන ඉන්නේ ජනාධිපති මේ රංග ශ්‍රී පීරිස් නැමැති අන්තවාදී වනචරයාට එරෙහිව වහා පියවර ගන්නේද නැද්ද කියා යි. එයම ජනාධිපති ඔහුගේම අනාගත අපේක්ෂා ඉටු කරන්නට කැප වන්නේද නැතිද යන්නත් පරීක්ෂාවට ලක් කරන්නක්.

හෙට රංග ශ්‍රී පීරිස් අත් අඩංගුවට ගන්නේද නැතිද යන්න ඒ නිසා අපි බලමු.

කුසල් පෙරේරා 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න