රූපවාහිනී සැළලිහිනියා ගිලින ආර්ථික විද්‍යා ඔස්තාර්ගේ ගෝලයා ගැන පැමිණිල්ලක් !

රූපවාහිනී සැළලිහිනියා ගිලින ආර්ථික විද්‍යා ඔස්තාර්ගේ ගෝලයා ගැන පැමිණිල්ලක් !

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික සහ මූල්‍ය අවභාවිතය හේතුවෙන් එකී සංස්ථාව මුහුණදී ඇති මූල්‍ය අර්බුදය තවත් ඔඩු දුවන තත්ත්වයක් මතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක් හරහා මෙකී චෝදනාව ඉදිරිපත් කරන අතර මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ද අවධානයට යොමුකර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාව වන්නේ  1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදායි.ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික,තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය ‍සේවා ව පවත්වාගෙන යාම කරගෙන යනු ලබයි.

විවිධ රජයන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට සේවක වැටුප් ගෙවා ගැනීමට පවා බැරි තත්වයකට වැටී ඇත්තේ අප රට පාලනය කල පාලකයින්ගේ වරදින්ම බව නොකියා බැරිය. මක්නිසාද යත් වර්තමානයේදී ද පාලකයින් විසින් නිසි සොයා බැලීමකින් තොරව  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත්කරන ලද නිළධාරීන් විසින් ජනතාවගේ දේපලක් වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කාබාසිනියා කරමින් සිටින නිසාය.

වර්තමාන රජය බලයට පත් වූ විගස ජනාධිපතිවරයා පැවැසූවේ රාජ්‍ය ආයතන නිසි ලෙස කළමනාකරණය කල හැකි පුද්ගලයින් රාජ්‍ය සංස්ථා සදහා පත් කරන බවයි. එහෙත් අද වන විට වර්තමාන රජය විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සදහා සුදුසුකම් නොමැතිව (පරිපාලනය සදහා) පත් කරන ලද අධ්‍යක්ෂක ජනරාල්වරයා වන අජිත් නාරගල නැමැත්තා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ධනය තම සුඛවිහරණය සදහා භාවිතා කරමින් සිටී.

ඒ සදහා වන කදිම උදාහරණ අප සතු අතර එයින් කිහිපයක් හුදීජනයාගේ පහන් සංවේගය සදහා සටහන් කරමු.

01.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නාන කාමරය සදහා උණු වතුර හීටරයක් සවි කර ගැනීම.  

02. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව වාහන තිබියදී ඒවා තමන්ට නොගැලපෙන බව පවසමින්  වෙනත් අමාත්‍යාංශයකින් ලබා ගත් ජීප් රථය සදහා රුපියල් 89,000.00 කට ආසන්න මුදලකට ගුවන් විදුලි යන්ත්‍රයක්  මිලදී ගෙන සවි කිරීම. එම මිලදී ගැනීම නීති විරෝධී බව නිළධාරීන් පැවැසූවද තමන් රාජපක්ෂවරුන්ගෙන් පැමිණ ඇති බව එම නිළිධාරීන්ට පැවැසූ බව එහි සේවකයින් පවසයි.

03. ආයතනයේ සුලු මුදල් වලින් තමන්ගේ ආහාරපාන ලබා ගැනීම. දවල් ආහාර බනානා ලීෆ් අවන්හලෙන් ද  දෙලුම් ජූස් හා අඔ ජූස් ජාවත්ත පිහිටි සී.අයි.සී අවන්හලෙන් ලබා ගන්නා අතර   බම්බලපිටියේ එළයිට් අවන්හලෙන්ද ආහාර ලබා ගනී

04.අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාමරයේ වායු සමනයකරන යන්ත්‍රයක්  තිබියදී නව වායු සමන යන්ත්‍රයක් සවිකිරීමට නියෝග කිරීම.

05.කාර්යාල වේලාවේදී කාර්යාලය තුළ රැදී නොසිට කාර්යාල වේලාවෙන් පසුව කාන්තාවන් තමන්ගේ රාජකාරී සදහා රදවා ගැනීම.

06. තමන්ගේ කාරමරය නිරතුරුවම පළතුරු සුවදින් තබා ගන්නා ලෙස සේවකයින්ට උපදෙස් ලබා දී ආයතනයේ සුලු මුදල් වලින් පළතුරු මිලදී ගැනීම.

07. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අදාල නොමැති විදේශ සංචාරයක් සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් රුපියල් 60,000.00 කට ආසන්න මුදලක් ලබා ගැනීම.

වෙනත් ආයතන වල එනම් ජාතික තරුණ සේවා සභාවේ ඔහු සේවය කරද්දී ඔහු වෙත එල්ල වූ චෝදනා රැසක් අප සතුව ඇති අතර ඒ අතර කාන්තා හිංසනද වේ. එම කාන්තා හිංසනය සම්බන්ධයෙන්  ජාතික තරුණසේවා සභාවේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ටද ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත යාමට සිදුව තිබේ.

මෙරට ජීවත් වූ සමහර අමාත්‍යවරු  තම ගෙදර තිබෙන බඩු භාණ්ඩ පවා තම ආයතනයට රැගෙන විත් ඇති බව අප අසා ඇත. එසේ තිබියදී මෙරට ආර්ථික විද්‍යාව පිළිබද ඔස්තාර්වරයෙකු වන බන්ධුල ගුණවර්ධන මහතාගේ පුද්ගලික ලේකම්වරයාද වන හා ඔහු විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලද පුද්ගලයා තම නාන කාමරය සදහා උණුවතුර හීටරයක් සවිකිරීම හා වෙනත් ක්‍රියා සිදුකිරීම බන්ධුල ගුණවර්ධන අප ගුරුතුමා ආර්ථික විද්‍යාවේදී අපට කියා දුන් ආවස්ථික පිරිවැය න්‍යාය එනම් හිග සම්පත් විකල්ප අරමුණු අතර බෙදා හැරීමේදී එක් අවස්ථාවක් තෝරා ගත් විට එම අවස්ථාව වෙනුවෙන් කැපකරන ඊලග හොදම අවස්ථාව අනුව නිවරැදිද? යන්න අප ගුරතුමාගෙන් විමසමු. තවද අප එතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දී නැවත වරක් ජනතාවට මාසයක් කෑමට රුපියල් 2500 ක් ඇති බව ප්‍රකාශ නොකරන ලෙසයි. අප සංවිධානය ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.

ජනාධිපතිතුමනි,

වහාම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පිළිබදව වහා සොයා බලන්න.

 

  

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.