ගිහාන් පිලපිටිය නිර්දෝශයි : පොලිස්පති විසින් නීතිපතිට යැවූ ලිපිය මෙන්න !

ගිහාන් පිලපිටිය නිර්දෝශයි : පොලිස්පති විසින් නීතිපතිට යැවූ ලිපිය මෙන්න !

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් තමන්⁣ට තර්ජන කළ බවට විනිසුරු ගිහාන් පිලපිටිය 2015 - 2016 සමයේ එවක පොලිස්පති ඉලංගකෝන් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ආරක්ෂාව ද දැඩි කළ බවත් පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.


එසේම ගිහාන් පිලපිටිය, රන්ජන් රාමනායකගේ අදාල දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුට පරීක්ෂණ කණ්ඩායම්වලින් ලැබුණ උපදෙස් පරිදි බවද එම ලිපියේ සඳහන් වේ.

මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව පොලිසිය සාක්ෂිකරුවන් අට දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු ඉදිරියට ද ක්‍රියාත්මක වන බව එම ලිපිය මගින් වැඩි දුරටත් දන්වා තිබේ.

වැඩ බලන පොලිස්පති නීතිපතිට යැවූ ලිපිය මෙන්න !

Gihan Pilpitiya latter

වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මෙම ලිඛිත දැනුම්දීම නීතිපති වෙත යොමුකර ඇත්තේ ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව නීතිපති නිකුත් කළ දැනුම්දීම සඳහා ප්‍රතිචාර දක්වමින්ය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න