Language Switcher

V2025

ආණ්ඩුවේ තවත් ඇන්දිල්ලක් : සහල් මිල තවත් ඉහළ යන ලකුණු !

ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ඉතිරි කිරීමට කියමින් ආණ්ඩුව සහල්  ආනයන නොකිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොළ තුළ සහල් මිල තවත් ඉහළ යාමේ අවධානමක් ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
 
මේ වන විට මෙරට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත්  සහල් ආනයනය නොකිරීම වෙනුවෙන්  ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇති බවත් ඔවුන් පවසයි.
 
මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබීමත් එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාව සහ 

වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබීම හේතුවෙන් ඉදිරියේ සහල් මිලේ පාලනයක් ආණ්ඩුව අපේක්ෂා කරත් එය අසාර්ථක වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසවී තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වැට් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් සංශෝධනය කරමින් මේ ආණ්ඩුව සිදුකළ අදූරදර්ශි කටයුත්ත හේතුවෙන් ජනතාවට දීර්ඝ කාලයක් වන්දි ගෙවන්න සිදුවන බවය.
රාජ්‍ය ආදායම් අඩුවීම හේතුවෙන් දැන් ජනතාව ගැන නොසලකා වියදම් පාලනය කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් ඩොලර් මිලියන 100ක ඉතුරුවක් කියමින් සහල් ආනයනය අත්හිටුවීමට ආණ්ඩුව ක්‍රියා කිරීම ප්‍රතිපත්තියක් ලෙස ආනයනය පාලනය කිරීමක් නොව ජනතා ආකර්ශනය ගැනීමට ආණ්ඩුව කළ අත්තනෝමතික කටයුත්තක වන්දිය ජනතාව වෙතින් ගැනීමේ සටකපටකමක් බවත් ආර්ථික විශ්ලේෂකයන් ගේ අදහස වී තිබේ.