නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරනු ලැබූ 10 දෙනාගේ කමිටුව අද (14) සවස්වරුවේ රැස්වීමට නියමිතය.
ඒ අනුව මෙම සාකච්ජාවේදීී ‘අලියා’ ලකුණින් තරග වදිනවාද, නැතිනම් ‘හදවත’ ලකුණින් හෝ වෙනත් ලකුණකින් තරග වදිනවාද යන්න තීන්දු කිරීීමට නියමිතය.
මෙම කමිටුව සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතය.
ආය සාකච්ඡා නෑ : සජිත් පාර්ශවය !
මෙහිදී අද දිනය තුළ ජන්ද ලකුණ කුමක්ද යන්න තීන්දු කළ යුතු බවත් ඒ සම්බන්ධව සාකච්ඡා කරන අවසන් දිනය අද පමණක් බවත් සජිත් පාර්ශවයේ මතය බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටින්නේ තවදුරටත් මේ ප්‍රශ්නය ඇදගෙන යාම තේරුමක් නැති කරුණක් බවය.
මංගල - රවී - මලික් සාකච්ඡාවක !
මේ අතර මව්රට වෙබ් අඩව්ය වාර්තා කර ඇත්තේ නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නිවෙසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බවය.
අද (13) උදෑසන පැවැත්වී ඇති මෙම සාකච්ජාවේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා තමන් යටතේ ඇති ‘හංසයා’ ලකුණ නව සන්ධානයේ සලකුණ වශයෙන් ලබා දීමට එකගතාව පළ කොට ඇති බවත් වාර්තා වෙයි.
එහිදී එක් කොන්දේසියක් ඉදිරිපත් කොට ඇති කරුණානායක මන්ත්‍රීවරයා ඒ සදහා සන්ධානයේ මහලේකම් ධූරය කරු ජයසූරිය කතානායකවරයා ට හට ලබා දිය යුතු බව සදහන් කර ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් ඍජු පිළිතුරක් ලබා දී නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

