වෝහාරික විගණනයට අදාළ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට : අවධියෙන් සිටින්න !

වෝහාරික විගණනයට අදාළ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට : අවධියෙන් සිටින්න !

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත එවා ඇති බව වාර්තා වෙයි.

මෙම නිරීක්ෂණයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ සුමන්තිරන්ගේ ප්‍රධානත්වයෙන්  පෙබරවාරි  18 වැනිදා ප.ව 02.00ට රැස්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

එසේම මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැඳවා තිබෙන බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

අවධියෙන් සිටිය යුතුයි - දේශපාලන ආර්ථික විශ්ලේෂකයන් 

මේ සම්බන්ධව newstube .lk කළ විමසීමකදී දේශපාලන මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් කිහිපදෙනෙකුම සඳහන් කර සිටියේ මහ බැංකු නිරීක්ෂණ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවයි. අදාළ වෝහාරික විගණන වාර්තාව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ඉහල පෙළේ විගණන ආයතන දෙකක් විසින් බවත් එබැවින් එහි විශ්වසනීයත්වය සම්බන්ධව ගැටළුවක් නොමැති බව ඔවුන්ගේ ස්ථාවරය වෙයි.

එහෙත් අගමැති සහ මුදල් ඇමතිගේ උපදේශක වන අජිත් නිවාඩ් කබ්රාල් මේ වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ එය ප්‍රතික්ෂේප කරමින් සිටීම හමුවේ එහි බලපෑම මහ  බැංකු නිරීක්ෂණ වෙත සිදුව ඇතිද යන්න කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බවත් ඔවුන් සිහිපත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න