විදෙස් අමාත්‍යාංශය ඇමරිකාවට විරෝධය දක්වයි !

විදෙස් අමාත්‍යාංශය ඇමරිකාවට විරෝධය දක්වයි !

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ උදවියට එරෙහිව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව මෙරට  රජය දැඩි විරෝධතාව පල කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව විදේශ  සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධාරණය වෙයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා  සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න