රටේආර්ථිකය අවධානම් : රවී පෙන්වා දෙයි !

රටේආර්ථිකය අවධානම් : රවී පෙන්වා දෙයි !

"අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. මම විදුලිබල අමාත්‍යතුමාට කිව්වා මේවාට රැවටෙන්නෙපා කියලා. නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නැහැ. මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්න වෙන්නේ.  මට පේන විදියට විදුලි ක්ෂේත්‍රය පමණක් නොවේ සමස්ත රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් වේවි. රටක් හැටියට ආර්ථික යුද්ධය දිනූවොත් තමයි අනිත් සෑම දෙයින්ම ජය ගන්න හැකි වන්නේ" යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කරයි.

රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළකළේය. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය."මේ වනවිට අප රටේ ආර්ථිකය සහ ජන ජීවිතය අඩාලවෙලා. ලෝක තෙල් මිල අඩුවෙලා තිබෙනවා. නමුත් එහි වාසිය අදටවත් අපේ රටේ ජනතාවට ලබාදිලා නැහැ. ඒ කියන්නේ බඩු මිල අඩුවීමේ ප්‍රථිලාභය මේ වනවිටත් ජනතාවට ලබාදෙන්න නව රජයට හැකිවෙලා නැහැ.

අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජනතාවට ලබාදිය හැකි සහන ලබා දෙන්න කියලයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොනව කිව්වත්, ලෝක බැංකුව මොනවා කිව්වත්, අපේ අහිංසක ජනතාවට සහන සලසන්න රජයක් හැටියට අපි දැනගන්න ඕන. ජනතාව වෙනුවෙන් සටන් කළයුතු යුගයක් දැන් එළඹිලා තිබෙන්නේ. මේවා ඡන්ද කාලෙට පමණක් කියන දේවල් නොවෙයි, ඡන්දයකින් පසුවත් කිවයුතු, ඒ වගේම ක්‍රියාවට නැංවියයුතු දේවල් කියලා මම කියන්න කැමතියි".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න