දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා - මුජිබර් රහුමාන්

 දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා - මුජිබර් රහුමාන්

එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

‘අපේ කාලේ බඩු මිල ඉහළ ගිය අවස්ථාවල ආණ්ඩුවට එය පාලනය කරන්න බෑ කියලා දොස් කිව්වා. ජිවන වියදම ඉහළ ගිහින් ජනතාව ජිවත්වෙන්නේ අමාරුවෙන් කිව්වා. වේදිකාවල අපිට බැන්නා. එළවලු මලු පෙන්නුවා. මේ ආණ්ඩුව යටතේ තත්වය එයයි.’

‘නමුත් අපි කිසිවිටෙක දැන් සැපද කියලා අහන්නේ නෑ නමුත් බඩු අඩු කලා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ. අපි දුන්න සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙනවා. සියල්ල ප්‍රෝඩාකාරි විදියට වෙනවා. ආඛ්ඩුව එය පාලනය කරන්න අසමත් වෙලා තිබෙනවා.’ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න