Language Switcher

V2025

රොෂාන් - සිරිසේන ගැටුම උත්සන්න වෙයි  !

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයාට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත කොතෙක්ද යන්න උරගා බැලිම සදහා හැකිනම් එළෙඹෙන මහ මැතිවරණයේදි එතුමාගේ පක්ෂය ජයග‍්‍රහණය කර පෙන්වන ලෙසට තමා අභියෝග  කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ  පවසයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ  අද (16) දිඹුලාගල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

එහිදි වැඩිදුරටත්  අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මම අභියෝග කරනවා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයාට පොළොන්නරුවෙන් වෙනම ඉල්ලලා දිනන්න කියලා. දිස්ත‍්‍රික්කයේ නායකයා හැටියට මම ඒ අභියෝගය භාර අරං ඉදිරි මහ මැතිවරණයෙදි පොදුජන පෙරමුණ ඉහළින්ම දිනවලා පාර්ලිමේන්තුවට මන්ත‍්‍රිවරුන් 04 ක්ම යවන අභියෝගය භාරගන්නවා. 2010 දි පොළොන්නරුවේ ජනතාව මාව ඉහළින්ම ජයග‍්‍රහණය කෙරෙව්වා. 2015 මැතිවරණයෙදිත් සියලූ පක්ෂ වලට වඩා මාව ඉහළින් ඔසවා තැබුවා. ඒ වගේම මුල මතක තියන ජනතාවක් හැටියට පොහොට්ටුව දිනවන්න ජනතාව පෙළගැහිලා ඉන්නවා. ඒ නිසා මට විශ්වාසයි පොළොන්නරුවේ ජනතාව මාව දිනවන බව. රට අගාදයට දාපු අයට ජනතාව උත්තර දෙයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයයි පොදුජන පෙරමුණයි එකතුවෙලා ඉල්ලන එක මොකද්ද  දන්නේ නැහැ. ඒ ගැන මගේ පැහැදිමකුත් නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පිරිසක් රටේ ඉන්නවා ඒ අයට පුලූවන් පොහොට්ටුවේ සාමාජිකත්වය අරං පොහොට්ටුව යටතේ තරග කරන්න. පොහොට්ටුව කියන්නේ රටේ දැවැන්ත පක්ෂයක් , ජනාධිපතිවරයෙක් බිහිකරපු පක්ෂයක්. ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙදිත් මම පොළොන්නරුව ඉහළින්ම දිනෙවුවා ඒ ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙන්නෙක් එක්ක හැප්පිලා. මම අභියෝගය භාර ගන්න සුදානම්.

ජනාධිපතිවරණයෙදි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ හිනය තිබ්බේ සජිත් පේ‍්‍රමදාස දිනනවා කියලා. හංසයාට යටින් ඡන්දය  කටයුතු කෙරුවනම් ඒ සියල්ල කරද්දි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා දිනවන්න මම නායකත්වය දුන්නා. ඒ නිසා 2015 මම නොබියව එළියට බැස්සා වගේ එන මැතිවරණයෙදිත් පොළොන්නරුව ජනතාව එක්ක මම පෙළ  ගැහිලා ඉන්නේ, ඒ මගේ නායකත්වය නිසයි. අනිත් නායකයෝ ආවා එයාලා හැදුනා පොළොන්නරුවට කරපු දෙයක් නැහැ. සමහරු හිතනවා පාසලක්, පාරක් හැදුවට හරි විදිහට සංවර්ධනයක් කලා කියලා. නමුත් එහෙම වුණේ  නැහැ.  ඕක නෙමෙයි ජනාධිපති කෙනෙක් විදිහට කලයුතු දේ. බලන්න එදා මහවැලිය වැටිලා තිබ්බ තත්ත්වය. මහවැලිය මෙහෙම නෙමෙයි තියෙන්න ඔනි. නමුත් කෙටි කාලයක් තුළ  මම මහවැලිය හදලා පෙන්නුවා. මම කියන්නේ ඔය කාට කාටත් ජනවරමක් තියනවා කියලා හිතනවා නම් එන්න පොළොන්නරුවට. අපි බලමු කාටද  ජනවරම තියෙන්නේ කියලා”