කොන්දක් තියනවා නම් තනියම තරග කරන්න :ශ්‍රිලනිපයට එජාපයෙන් අභියෝගයක් !

කොන්දක් තියනවා නම් තනියම තරග කරන්න :ශ්‍රිලනිපයට එජාපයෙන් අභියෝගයක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ.

 ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය  තම බලය උරගා බැලිම සදහා තනිවම තරග නොකොට පොහොට්ටුවේ නැට්ටේ එල්ලි තරග කිරිමට තරම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ඇතුළු පිරිස  අද අසරණ වි ඇති බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්  බිහිකරන්න අපි එදා  උත්සාහ ගනු ලැබුවද  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිල්පාක්ෂිකවෙලා ශ්‍රිලනිප යේ  සභාපතිකම ගත්තා. ශ්‍රිලනිපය  දියකරහරින්නත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා කටයුතු කළා. එහි අවසානය තමයි මේ. අද පොහොට්ටුවට අවශ්‍ය විදියට තමයි ශ්‍රිලනිප  මැති ඇමතිවරුන් පිළිබද තින්දු තිරණ ගන්නේ. 

අපේක්ෂකත්වය දෙනවාද, දිස්ත්‍රික්කවලට දෙන අපේක්ෂක සංඛ්‍යාව තින්දු කරන්නේ පොහොට්ටුවේ නායකයින්. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලැජ්ජ නැහැ. ශ්‍රි.ල.නි පක්ෂයේ සභාපතිකම අරගෙන සියයට 15කට වඩා  ඡන්දය තියෙනවා නම්  අඩුගානේ එක දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිධුරයක් හරි ගන්න. කොන්දක් තියෙනවානම් තනියෙන් ඉල්ලන්න පුළුවන්කමක් තිබිය යුතු වෙනවා.

එදා ශ්‍රිලනිපය  කඩාගෙන ගිහින් පොහොට්ටුව නිර්මාණය  කරලා  මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට අපහාස කළ මිනිසුන් සමග  ලැජ්ජා නැතිව මෛත්‍රිපාල මහත්තයා කියනවා තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා. පුන පුනා ප්‍රකාශ කරන්න තරම් එතුමා බොළඳ වෙලා තියෙනවා. ශ්‍රි.ල.නි පක්ෂය පොරකයට තියලා මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බලයක් දෙන්න මෛත්‍රිපාල මහත්තයා එකතුවෙනවා කියන්නේ ශ්‍රි.ල.නි.පක්ෂය අකාමකා දමන්නට කරපු සෙබ්බඩ විජ්ජාවක්. බලය  උරගාල බලන්න තනියම එන්න තිබුණෙ අද පොහොට්ටුවේ  නැට්ටේ එල්ලිලා අසරණ තත්ත්වයට පත්වෙලා.

එජාපය අර්බුදය ගැන අමාරුව තිබුණේ ආණ්ඩුවට. මතවාද ගැටුමක් තමයි තිබුණේ. අපේ සන්ධානයේ ලකුණ ගැනත් ආණ්ඩුවට ලොකු අමාරුවක් තියෙනවා. නමුත් ලෙඩා කලබලවුණාට දොස්තර  කලබල වෙන්නේ නැහැ. ඒ වගේ අපි කලබල වෙන්නේ නැහැ. දැන් සන්ධානය නිර්මාණය කිරිමේ සියලු කටයුතු අවසන් කරලා ඉවරයි. ලකුණ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් නම් අපි අලියාගෙන් එනවා නැතිනම් අපි හංසයාගෙන් එනවා එහෙම  නැතිනම් වෙනම ලකුණක් ගන්නවා පසුගිය දිනවල  ආණ්ඩුවේ අයට නින්ද  ගියේ නැහැ. කවදාද එජාපය කැඩෙන්නේ කියා. පුළුල් සන්ධානයක් හැටියට සන්ධානයේ නායකත්වය සභාපතිත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිලා තියෙනවා. ඒ නිසා මොන ලකුණෙන් තරග කළත් එක අලියාද හංසයාද, එහෙම නැතිනම් වෙනත් ලකුණක්ද මොන ලකුණෙන් ආවත් මෙ රටේ ජනතාවගේ හදවතේ තියෙන්නේ සජිත් ප්‍රමුඛ සන්ධානය තරග කරන්නේ මොන ලකුණෙන්ද  රටේ ජනතාව ඒ ලකුණු ජයග්‍රහණය කරවිමට කැමතියි. අගමැතිවරයා බවට පත්කිරිමට මේ රටේ ජනතාව සැදි පැහැදි සිටිනවා". 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න